හිතවත් පාරිභෝගිකය,

 

Huawei Health වෙත සාදරයෙන් පිළිගනිමු.

 

මෙම Huawei Health ගිවිසුමෙහි (මෙහි මින්මතු "ගිවිසුම" යනුවෙන් හඳුන්වනු ලැබෙන) ඇතුළත් වන පහත නියමයන් මගින් ඔබ සහ Huawei Technologies Co., Ltd හා එහි අනුබද්ධිත ආයතන (මෙහි මින්මතු "Huawei" යනුවෙන් හඳුන්වනු ලැබෙන) අතර නෛතික බැඳීමක් ඇති කරන ගිවිසුමක් සංස්ථාපනය කරනු ලබයි. මෙම ගිවිසුම මගින් Huawei Health, ඊට අදාළ මෘදුකාංග, සේවා හා වෙබ් අඩවි (මෙහි මින්මතු "සේවාව" යනුවෙන් හඳුන්වනු ලැබෙන) පරිශීලනයට අදාළ ඔබගේ හිමිකම් හා වගකීම් නියම කරනු ලබයි. මෙම ගිවිසුමෙහි "ඔබ" යන්නෙන් මෙම සේවාව භාවිතා කරන හා/හෝ ඊට පිවිසෙන ඕනෑම පුද්ගලයකු අදහස් වෙයි.

 

මෙම සේවාව භාවිතා කිරීමට පෙර ඔබ විසින් මෙම ගිවිසුමෙහි නියමයන්ට, Huaweiහි රහස්යතා ප්රතිපත්තියට හා ඔබ හා Huawei අතර ඇති කර ගනු ලබන කවර හෝ අනුරූපී ගිවිසුමකට (මෙහි මින්මතු "නියම" යනුවෙන් හඳුන්වනු ලැබෙන) එකඟ විය යුතුය. කරුණාකර පහත නියමයන් හොඳින් කියවා, ඔබ මෙම නියමයන් කියවා පිළිගත් බව සහතික කිරීම සඳහා පහතින් දැක්වෙන පිරික්සුම් කොටුව තේරීමට වග බලා ගන්න. ඔබ විසින් නියමයන් සියල්ලටම හෝ ඒවායින් කොටසකට එකඟ නොවන්නේ නම්, ඔබට මෙම සේවාව භාවිතා කළ නොහැකි අතර එසේ කිරීමට උත්සාහ කිරීමෙන් වැළකිය යුතුය.

 

1. දත්ත ආරක්ෂාව

 

Huawei මගින් සියලුම Huawei Health පරිශීලකයන්ගේ පුද්ගලික රහස්යතාව ගරු කොට ආරක්ෂා කරන අතරම ඔබේ පුද්ගලික තොරතුරු (ඔබේ පටබැඳුම් නම, පැතිකඩ පින්තූරය, ස්ත්රී/පුරුෂභාවය, වයස, දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය වැනි) ඔබේ පුද්ගලික සෞඛ් තොරතුරු (ව්යායාම, නින්ද, බර හා හෘද ස්පන්දන වේග දත්ත වැනි) සුරකිනු ලබයි. අදාළ නීති හා රෙගුලාසි මගින් අනාවරණය කරනු ලැබීමට බල කරනු ලබන්නේ නම් විනා ඔබගේ පූර්ව අනුමැතියකින් තොරව Huawei මගින් එබඳු තොරතුරු කිසිදු තෙවැනි පාර්ශ්වයකට අනාවරණය කිරීම, හුවමාරු කිරීම හෝ සපයා දීම කරනු නොලබයි. ක්ලවුඩ්හි ගබඩා කොට ඇති ව්යායාම්, බර, නිද්රා හා/හෝ අනෙකුත් දත්ත Huawei මගින් වෙනත් අරමුණක් සඳහා භාවිතා නොකරන අතර එසේ කිරීමේ අදහසක් Huawei වෙත නැත. ක්ලවුඩ්හි තොරතුරු ගබඩා කරනුයේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පමණි.

 

2. තෙවැනි පාර්ශ්වීය සේවාවන්

 

ඔබේ වාහකයා හෝ වෙනත් තෙවැනි පාර්ශ්වයන් මගින් Huawei Health වේදිකාව මත තෙවැනි පාර්ශ්වීය යෙදුම් හා සේවා අන්තර්ගත වැනි අනුරූප නිෂ්පාදන හා සේවා සපයනු ලැබිය හැක. එවැනි තෙවැනි පාර්ශ්වීය නිෂ්පාදන හා සේවා භාවිතා කිරීමෙන් ඔබ තෙවැනි පාර්ශ්වය මගින් නියම කරනු ලබන සේවා නියමයන් හා එකඟ වන බවට පිළිගනී. තෙවැනි පාර්ශ්වීය පරිශීලක ගිවිසුම් හා රහස්යතා ප්රතිපත්තීන්හි අඩංගු අන්තර්ගතය ඔබ විසින් සැලකිෙලෙන් කියවිය යුතු බවට අපි තරයේ නිර්දේශ කරන්නෙමු. තෙවැනි පාර්ශ්වීය නිෂ්පාදන හා සේවාවන්ගේ අන්තර්ගතය පාලනය කිරීමට හෝ වාරණය කිරීමට Huawei වෙත හිමිකමක් හෝ වගකීමක් නොමැති අතර, එනයින් එබඳු නිෂ්පාදන හා සේවා පරිශීලනය කිරීම හේතුවෙන් ඔබගේ අයිතීන් උල්ලංඝනය වීමක දී පිළිබඳ කිසිදු වගකීමක් Huawei විසින් දරනු නොලබනු ඇත.

3. දත්ත රැස් කිරීම හා අවසර දීම

 

ඔබ වෙත වඩාත් ස්ථායී නිෂ්පාදනයක් සහ අභිමතීකෘත සේවාවක් සැපයීම සඳහා Huawei සහ Huawei Healthහි Huawei සමග එක්ව කටයුතු කරන තෙවැනි පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන් විසින් ඔබේ නිෂ්පාදිතයට අදාළ දෝෂ තොරතුරු හා/හෝ දත්ත රැස් කරනු ලබනු ඇත. Huawei Health යෙදුම පළ කිරීමේ දී දිස්වන පොළා පැනුම් පණිවුඩයෙහි "එකඟයි" තේරීමෙන් හෝ Huawei Health භාවිතා කිරීමෙන්, පහත තොරතුරු රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ඔබ විසින් Huawei වෙත එකඟතාව ලබා දෙමින් බලය පවරයි:

 

(1) දුරකථන මෙහෙයුම් පද්ධතිය, දුරකථන භාෂාව, උපාංග මාදිළිය, දුරකථන අන්තර්ජාල සම්බන්ධතා ප්රකාරය හා පිහිටුම් තොරතුරු වැනි උපාංග තොරතුරු.

 

(2) යෙදුම් අනුවාදය, යෙදුම බාගැනීමේ ක්රමවේදය හා යෙදුම විවෘත කරනු හෝ වසනු ලැබූ වේලාව වැනි යෙදුම් තොරතුරු.

 

(3) යෙදුම් දෝෂ තොරතුරු හා සේවා සක්රියන තොරතුරු වැනි සේවා දත්ත.

 

(4) ව්යායාම්, නින්ද, බර හා හෘද ස්පන්දන වේග දත්ත ඊට අමතර දෑ ඇතුළත් වන පුද්ගලික සෞඛ් දත්ත. ඔබ විසින් තෙවැනි පාර්ශ්වයන් මගින් ඔබේ දත්ත පිරිසකසනු ලැබීමට එකඟ වී ඇත්නම් 2 වැනි වගන්තියට ඔබ බැඳෙන බව කරුණාවෙන් සලකන්න‍.

 

ඔබේ දත්ත අස්ථානගත වීම වැළැක්වීම සඳහා Huawei Health විසින් ස්වයංක්රියවම ක්ලවුඩ් වෙත සමමුහු කිරීමේ විශේෂාංගය සක්රිය කරනු ඇති අතර එමගින් ඔබේ ව්යායාම්, නිද්රා, බර හා හෘද ස්පන්දන වේග දත්ත නිශ්චිත කාලාන්තරයකට වරක් ක්ලවුඩ් වෙත උඩුගත කරනු ලැබෙනු ඇත. ක්ලවුඩ් වෙත සමමුහු කරන ලද දත්ත කාණ්ඩ වශයෙන් මැකිය නොහැකි අතර ස්ථිරව ගබඩා කෙරෙනු ඇත. ඔබේ දත්ත ක්ලවුඩ් වෙත ස්වයංක්රියව උඩුගත කරනු ලැබීම අනවශ් නම්, Huawei Healthහි "සැකසුම්" තෝරා අනතුරුව "ස්වයං-සමමුහුව" යතුර ක්රියා විරහිත කිරීමෙන් ඔබට ස්වයං-සමමුහු විශේෂාංගය අක්රිය කළ හැක.

 

ඔබේ Huawei නිෂ්පාදන පරිශීලන අත්දැකීම උසස් කිරීම සඳහා, ඔබ විසින් Huawei වෙත රැස් කිරීමට අවසර ලබා දී ඇති ව්යායාම් හා සෞඛ් දත්ත Huawei Health මගින් ස්වයංක්රියව Smartcare වැනි වෙනත් Huawei නිෂ්පාදන සමග පෙරනිමියෙන් හුවමාරු කරගනු ලබනු ඇත. එපරිද්දෙන්ම සෞඛ්යය හා ව්යායාම් ආශ්රිත වෙනත් Huawei නිෂ්පාදන (Huawei Wear වැනි) මගින් ඔබ විසින් Huawei වෙත රැස් කිරීමට අවසර ලබා දී ඇති ව්යායාම් හා සෞඛ් දත්ත Huawei Health සමග පෙරනිමියෙන් හුවමාරු කරගනු ලබනු ඇත. Huawei Healthහි "සැකසුම්" තෝරා අනතුරුව "දත්ත මූලාශ්" වෙතින් අක්රිය කිරීමේ විකල්පය තේරීමෙන් ඕනෑම මොහොතක Huawei Health හා අනෙකුත් Huawei නිෂ්පාදන අතර ස්වයංක්රිය දත්ත හුවමාරුව අක්රිය කළ හැක.

 

Huawei Health පරිශීලනයේදී ඔබට අනවශ් බාධා කිරීම් ඇති වීම වැළැක්වීම සඳහා, කරුණාකර Huawei වෙත Bluetooth ස්වයංක්රියව සක්රිය හා/හෝ අක්රිය කිරීම සඳහා අවසර ලබා දෙන්න.

 

ඔබ විසින් Huawei වෙත රැස් කරනු ලැබීමට බලය ලබා දී ඇති පුද්ගලික තොරතුරු Huaweiහි රහස්යතා ප්රතිපත්තියට අනුකූලව පරිහරණය කරනු ලැබෙනු ඇත. කරුණාකර මෙම රහස්යතා ප්රතිපත්තියේ අන්තර්ගතය සැලකිල්ලෙන් කියවන්න. Huawei Health පළ කිරීමේ දී දිස්වන පොළා පැනුම් පණිවුඩයෙහි "Huawei රහස්යතා ප්රතිපත්ති" තේරීමෙන් හෝ http://consumer.huawei.com/privacy-policyවෙත පිවිසීමෙන් ඔබට රහස්යතා ප්රතිපත්තිය බැලිය හැක.

 

4. අවදානම් හා වගකීම්

 

(1) Huawei Health යෙදුම භාවිතය හා බැඳුණු කවර හෝ අවදානමක් ඔබ විසින් දරා ගත යුතු වේ. මෙම සේවාව හා එහි ප්රතිඵල ඔබේ අවශ්යතාවන් තෘප්තිමත් කරනු ඇති බවට හෝ නිෂ්පාදිතයේ සේවාවන් බාධා කිරීම්වලට ලක් නොවනු ඇති බවට Huawei මගින් කවර ආකාරයක හෝ වගකීමක් හෝ නියෝජනයක් දරනු නොලබන අතර මෙම සේවාවෙහි හා එහි දත්තවල ප්රතිඵලවල සුරක්ෂිතතාව, නිරවද්යතාව, කාලානුරූපීබව හෝ නීත්යනුකූලබව සම්බන්ධයෙන් වග කියනු නොලැබේ. ජාල, සන්නිවේදන මාර්ග, තෙවැනි පාර්ශ්වීය වෙබ් අඩවි හා සේවා සැපයුම්කරුවන්ගේ දෝෂ හා ඊට අමතර තවත් දෑ ඇතුළත් තත්ත්වයන් යටතේ ඔබට Huawei Health පරිශීලනය කිරීමට නොහැකි වීම සම්බන්ධ කවර හෝ නෛතික වගකීමක් Huawei විසින් දරනු නොලැබේ. ප්රකාශිතව සඳහන් කර ඇත්නම් විනා, Huawei මගින් ඔබට සපයනු ලබන සේවාවන් ගාස්තු රහිතය. කෙසේ වුවත්, ඇතැම් සේවාවන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ලැබීමට, ජංගම දත්ත වෙත ප්රවේශ වීමට හෝ SMS පණිවුඩ යැවීමට අවශ් විය හැක. මෙම සේවා සඳහා තෙවැනි පාර්ශ්වයන් වෙතින් ගාස්තු අය කරනු ලැබීමට ඔබ යටත් විය හැක. ඔබ විසින්ම සපයනු ලැබුවහොත් විනා ඔබේ පුද්ගලික අනන්යතාව හෙළි කෙරන කවර හෝ තොරතුරක් Huawei මගින් රැස් කරනු නොලැබෙනු ඇත.

 

(2) ඔබේ ක්රියාවක හා/හෝ පාලනය කළ නොහැකි තත්ත්වයක ප්රතිඵලයක් ලෙස ඔබේ රහස්යතාවයට සම්බන්ධ කවර හෝ තොරතුරක් හෝ ඔබ විසින් පෞද්ගලික තොරතුරුයැයි හඟිනු ලබන තොරතුරු තෙවැනි පාර්ශ්වයක් මගින් අනාවරණය, හෙළිදරව් කිරීම හෝ අත්පත් කර ගැනීම, භාවිතා කිරීම හෝ හුවමාරු කිරීමක් සිදු වූ අවස්ථාවක දී Huawei මගින් සම්බන්ධ කිසිදු වගකීමක් දරනු නොලබන අතර ඉන් පැන නඟිනු ලබන කවර හෝ අනිසි ප්රතිඵලයක වගකීම ඔබ සතුය.

 

(3) Huawei Health යෙදුමේ දිස් වන සියලු දත්ත හා ප්රතිඵල බලා කියවා ගැනීම සඳහා පමණි. මෙම තොරතුරු වෛද් ප්රතිකාර සඳහා මූලයක් හෝ ඔබේ සෞඛ් තත්ත්වයේ සාධකයක් වශයෙන් භාවිතා කිරීම අප විසින් නිර්දේශ කරනු නොලැබේ. එබඳු අරමුණු සඳහා Huawei Healthහි දත්ත හෝ ප්රතිඵල භාවිතා කිරීම හේතුවෙන් පැන නඟින කවර හෝ අවදානමක් හෝ ආකස්මිකත්වයක් සම්බන්ධයෙන් Huawei මගින් කිසිදු වගකීමක් දරනු නොලැබෙනු ඇත.

 

(4) දත්ත ක්ලවුඩ් වෙත හෝ ඔබේ උපාංගය වෙත සමමුහු කරනු ලැබීම හේතුවෙන් අය වන කවර හෝ ජංගම දත්ත ගාස්තු සඳහා ඔබ විසින් වග කියනු ලැබිය යුතුය.

 

(5) අදාළ නීතිය මගින් අනුමත කෙරෙන උපරිමයට යටත්ව, කවර හෝ විශේෂ, අනියම්, වක් හෝ ආනුෂංගික හානි හෝ ලාභ, ව්යාපාර, ආදායම්, දත්ත, කීර්තිනාම සුරැකුම් හෝ අපේක්ෂිත සුරැකුම් අහිමි වීමකට, එබඳු වගකීම් ගිවිසුම්, සිවිල් වරද (පැහැර හැරීම හෝ යථාර්ථ ආධීනතාවට ඇති හැකියාව ඇතුළුව) හෝ වෙනත් හිමිකම් පෑම් නීති මත පදනම් වන අවස්ථාවක දී වුව , තව එබඳු හානි පූර්වදර්ශී වන්නේ හෝ නොවන්නේ වුව , පාරිභෝගිකයන් ඉහත දැක්වූ අහිමි වීම් හෝ හානි පිළිබඳව ප්රකාශිතව දැනුවත් කරනු ලැබ ඇත්තේ වුව කවර අවස්ථාවක දී හෝ ඒවාට වගකීමට Huawei බැඳී නොමැත.

(6) මෙම ගිවිසුමෙහි විස්තර කර ඇති සේවාව භාවිතා කිරීමෙන් පැන නඟින Huaweiහි උපරිම වගකීම (අදාළ නීතිය මගින් එබඳු සීමා කිරීමක් තහනම් කරනු ලබන ප්රමාණයට මෙම සීමා කිරීම ශාරීරික තුවාල සඳහා වන වගකීමට අදාළ නොවනු ඇත) මෙම සේවාව මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයා විසින් ගෙවනු ලැබූ මුදල් ප්රමාණයට සීමා වනු ඇත.

 

5. පරිශීලන සීමන

 

මෙම මෘදුකාංගය ආශ්රිත සියලු බුද්ධිමය දේපළ හිමිකම් Huawei සහ එහි බලපත්රදායකයන් සතුය. ඔබ විසින් මෙම ගිවිසුමෙහි ඇතුළත් නියමයන්ට අමතරව අදාළ සියලු නීති, රෙගුලාසි හා ප්රතිපත්තීන්ට ගරු කරනු ලබන්නේ නම්, ඔබට මෙම මෘදුකාංගය මෙම ගිවිසුම හා අනුකූලව පරිශීලනය කරනු ලැබිය හැකිය. ඔබට පහත ක්රියාවන් සිදු කිරීමට අයිතියක් නොමැති අතර එබඳු ක්රියාවලට සම්බන්ධ වීමෙන් වැළකිය යුතුය. තව එසේ ඔබ විසින් වැළකිය යුතු ක්රියා පහත ලැයිස්තුවට පමණක් සීමා නොවන බව සැලකිල්ලට ගත යුතුය:

 

(1) මෙම මෘදුකාංගයෙහි අඩංගු කවර හෝ ප්රකාශන හිමිකම් නිවේදනයක් හෝ ප්රකාශයක් හෝ වෙනත් කවර හෝ තොරතුරක් සහ/හෝ අන්තර්ගතයක් මැකීම.

 

(2) මෙම මෘදුකාංගය ප්රතිවර්ත යන්ත් නිර්මාණකරණය, විච්ඡේදකරණය හෝ විසම්පාදනය කිරීමෙහි යෙදීම.

 

(3) මෙම ගිවිසුමෙහි නියම කර ඇති අවකාශයෙන් පරිබාහිරව මෙම මෘදුකාංගය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් පරිශීලනය, පිටපත් කිරීම, විකරණය, බදු දීම හෝ හුවමාරු කිරීම.

 

(4) මෙම මෘදුකාංගය තෙවැනි පාර්ශ්වයකට ලබා දීම, මෙම මෘදුකාංගය භාවිතයට අන් අයට බලපත් ලබා දීම හෝ Huawei මගින් තහනම් කර ඇති අරමුණක් සඳහා (වාණිජමය අරමුණු වැනි) මෙම මෘදුකාංගය භාවිතය.

 

(5) මෙම මෘදුකාංගයේ අඩංගු වී ඇති අනුරූ, පෙළ හා වෙනත් අදාළ තොරතුරුවලට පහත ක්රියාවන් හා ඊට අමතර වෙනත් දෑ සිදු කිරීම: භාවිතය, පිටපත් කිරීම, විකරණය, අධිබැඳි ඇතුළත් කිරීම, පුනර්භාවිතය, සම්පාදනය, පළ කිරීම, දර්පණ අඩවි නිර්මාණය හෝ ආශ්රිත ව්යුත්පන්න නිෂ්පාදන, නිර්මාණ හා/හෝ සේවා නිර්මාණය සඳහා මෙම මෘදුකාංගය භාවිතා කිරීම.

 

(6) ජාතික නීති, රෙගුලාසි හා ප්රතිපත්ති උල්ලංඝනය කරන අන්තර්ගත ගබඩා කිරීම, පළ කිරීම හෝ බෙදා හැරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කිරීම.

 

(7) බුද්ධිමය දේපළ අයිතීන්, වෙළෙඳ රහස් හෝ තෙවැනි පාර්ශ්වයන්ගේ වෙනත් නෛතික අයිතීන් උල්ලංඝනය කරන අන්තර්ගත ගබඩා කිරීම, පළ කිරීම හෝ බෙදා හැරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතය.

 

(8) සයිබර් සුරක්ෂිතතාවට තර්ජනය වන ආකාරයට හැසිරීම.

 

6. අනුවාද යාවත්කාල

 

අනාගතයෙහි මෙම මෘදුකාංගයෙහි යාවත්කාලීන අනුවාද නිකුත් කරන්නේ යන්න තීරණය කිරීමේ අයිතිය Huawei සතු වේ. මෙම මෘදුකාංගයෙහි යාවත්කාලීන අනුවාදයක් නිකුත් කිරීමට Huawei තීරණය කරනු ලැබූ අවස්ථාවක ආදේශක මෘදුකාංග සේවා නියමයන්නිකුත් කරනු ලැබුවහොත් විනා යාවත්කාලීන අනුවාදයට මෙම ගිවිසුම අදාළ වනු ඇත. කවර හෝ යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමෙන් අදාළ මෘදුකාංග සේවා නියමයන්ට බැඳීමට එකඟ වන බව ඔබ පිළිගනී. මෘදුකාංග සේවා නියමයන්ගේ සියලුම අන්තර්ගතයන්ට ඔබ එකඟ නොවන්නේ නම් යාවත්කාලීනය ස්ථාපනය නොකරන්න.

 

7. අවසන් කිරීම

 

මෙම ගිවිසුමෙහි අඩංගු කවර හෝ නියමයක සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් වන අවලංගු වීමක් අනෙකුත් කවර හෝ නියමයක වලංගුතාව සඳහා බලපෑමක් ඇති කරනු නොලබයි. ඕනෑම අවස්ථාවක මෙම ගිවිසුම අත් හිටුවීමට හෝ අවසන් කරනු ලැබීමට Huawei හා/හෝ එහි බලපත්රදායකයන්හට අයිතිය ඇත. මෙම ගිවිසුම අවසන් වූ අවස්ථාවක දී වහාම මෙම මෘදුකාංගය භාවිතය නවතා ඔබ විසින් පිටපත් කර හෝ ස්ථාපනය කර ඇති සියලු අදාළ මෘදුකාංග හා දත්ත මැකිය යුතු වේ.

 

8. නීති වරණය

ඔබේ නිත් පදිංචිය සහිත රටෙහි නීතීන් ප්රකාරව ගිවිසුම මගින් මඟ හරිනු ලැබිය නොහැකි විධිවිධාන (විශේෂයෙන්ම අනිවාර්ය පාරිභෝගික ආරක්ෂණ අයිතීන්) මගින් ඔබට සලසා දෙනු ලබන ආරක්ෂණය හැරුණු කොට මෙම ගිවිසුම ජර්මනියේ නීතියෙන් පාලනය කරනු ලැබේ.

 

Huawei Technologies Co., Ltd. සියලු හිමිකම් ඇවිරිණි. නීතිය මගින් අනුමත කරනු ලැබ ඇති ප්රමාණයට මෙහි අඩංගු අන්තර්ගතය අර්ථකථනය කිරීමේ අයිතිය Huawei සතු වේ.